කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් අල්ලස් කොමිසමට

රජයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියට පටහැනිව හා විනිවිද භාවයකින් තොරව රුපියල් මිලියන 1524.44ක් වැනි අධික මුදලකට කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා කුලී පදනම මත ඩි.පී.ජේ පෞද්ගලික ගොඩනැගිල්ල ලබා ගැනීම සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශයේ හිටපු ලේකම් බි. විජයරත්න මහතාගෙන්  ගැනීමට අල්ලස් හො දූෂණ විමර්ශන කොමිසම හමුට  අද (1)උදෑසන පැමිණ ඇත.

2015-2019 කාලය සඳහා අදාල ගොඩනැගිල්ල කුලී පදනම මත රජයට ලබා ගැනීමට කටයුතු කළ පාර්ශ්වල තීරණය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් පැවැත්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බව විගණකාධිපති දෙපාර්තමේන්තුව ද නිර්දේශ කර තිබිණි.

මෙම ගොඩනැගිල්ල ප්‍රවීණ නිළියකගේ සැමියාට අයත් පුද්ගලික ගොඩනැගිල්ලක් වේ.

අදාළ ගොඩනැගිල්ල කුලී පදනම මත ගැනීමේදී රජය විසින් රුපියල් කෝටි 66ක තැන්පතු මුදලක් පාර්ශවයට ලබා දී ඇති බවද සඳහන්ව තිබිණි.

කෘෂිකර්ම අමාත්‍යංශය සතුව බත්තරමුල්ලේ හෙක්ටයාර එකක භූමියක් තිබිය දී එහි ගොඩනැගිල්ලක් ඉදි කිරීමකින් තොරව ගොඩනැගිලි කුලිය වශයෙන් මසකට රුපියල් මිලියන 21 බැගින් වර්ෂ පහක් සඳහා රුපියල් මිලියන 1260ක් ගෙවීමට රජයේ පාර්ශ්ව එකඟ වී තිබුණු බව විගණනයේදී අනාවරණය වී ඇත.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments