දෙනියායේ දරුවන් අතර පැතිරෙන උණ ගැන සොයන්න විශේෂ වෛද්‍ය කණ්ඩායමක්

දෙනියාය ප්‍රදේශයේ පාසල් දරුවන් අතර සීඝ්‍රයෙන් පැතිර යන උණ රෝගී තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ වි‍ශේෂඥ්‍ය වෛද්‍ය කණ්ඩායමක් එම ප්‍රදේශයට පැමිණීමට නියමිත බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සුමිත් මනතුංග මහතා පැවසීය.

සෞඛ්‍ය බලධාරීන්ගේ නිර්දේශය මත රෝග ව්‍යාප්තිය පාලනය කිරීමේ පියවරක් ලෙස දෙනියාය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා නිශාකා හෙට්ටිගොඩ මහත්මිය විසින් ඊයේ (7) අද (8) දිනයේ දෙනියාය කලාපයේ පාසල් 4ක් වසාදෑමීමට කටයුතු කළේය.

දෙනියාය මධ්‍ය විද්‍යාලය, දෙනියාය රාජපක්ෂ මහා විද්‍යාලය, දෙනියාය ශාන්ත මැතිව් ද්වි භාෂා විද්‍යාලය සහ පල්ලෙගම සිද්ධාර්ථ විද්‍යාලය යන පාසල් මෙලෙස වසාදැමීමට කටයුතු කරනු ලැබීය.

අදාළ පාසල්වල සිසුන් සහ ගුරුවරුන් අතර රෝග ව්‍යාප්තිය ඉහළ යාම සැළකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව සඳහන් වේ.

කෙසේ නමුත් මෙම  තත්ත්වය වසංගත තත්වයක් දක්වා උත්සන්න වී නොමැති බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ සුමිත් මනතුංග මහතා පැවසීය.

ඒ අනුව සෞඛ්‍ය අංශ මගින් ලබාදෙන උපදෙස් මත ඉදිරියේදී පාසල් විවෘතකීරීම සම්බන්ධයෙන් වන තීරණය ගන්නා බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් එන්.කේ.අර්. පතිරණ මහතාද පැවසීය.

0
Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments