චින්නුන්ගේ පාස්පොට් ළඟතබා ගත් වැලිකඩ OIC අත්අඩංගුවට

චීන ජාතිකයින් පිරිසකට අයත් විදේශ ගමන් බලපත්‍ර නීති විරෝධීව ළඟ තබාගත් වැලිකඩ පොලීසියේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන තිබේ.

මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය විසින් වේයන්ගොඩ ප්‍රදේශයේදී සැකකාර ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

රාජගිරි ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් චීන ජාතිකයින් 19 දෙනෙකුගේ විදේශ ගමන් බලපත්‍ර ස්ථානාධිපතිවරයා විසින් ළඟ තබා ගෙන ඇති අතර ඒවා මුදා හැරීමට නම් එක් අයෙකුගෙන් ලක්ෂ 3ක මුදලක් ඉල්ලා ඇති බව සඳහන් වේ.

කාන්තාවක් මාර්ගයෙන් පොලිස් ස්ථානාධිපතිවරයා අදාළ මුදල ඉල්ලා ඇති බව පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. 

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත පොලිස් ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Show Comments (0) Hide Comments (0)
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
View all comments