23.4 C
New York
July 7, 2025
Hot NewsPolitical News

ගම්මන්පිල සී.අයි.ඩීයෙන් පිටව යයි

හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර එම දෙපාර්තමේන්තුවෙන් පිටව ගියේය.

ප්‍රශ්න ගත ආනයන බහාලුම් නිදහස් කිරීමේ ගැටලුවට අදාළව ප්‍රකාශයක් ලබාදීමට ඔහු මෙලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය. 

මෙහිදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ, එම බහාලුම් 323ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවය.

එමෙන්ම එම සිද්ධියට අදාළ තීන්දු තීරණ ගනු ලැබූ නිලධාරීන් රටින් පිටවීමේ උත්සාහයක් ගන්නා බවට තොරතුරු ඇති බවත් ඊට අදාළව විදෙස් ගමන් තහනමක් පනවන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටීමට බලාපොරොත්තු වන බවත් උදය ගම්මන්පිල මහතා මෙහිදී පැවසීය.

තමා සතුව සත්‍ය කරුණු ඇති බවත් කිසිවිටෙකත් සාක්ෂි නොමැතිව මෙවැනි චෝදනාවක් සිදුනොකරන බවත් පැවසු ඒ මහතා මේ පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකළ යුතු බවත් කියා සිටියේය.

Related posts

ශ්‍රීලංකන් ගුවන් යානයක් කාර්මික දෝෂයකට

IndusaraMedia

පොහොට්ටුවේ දේශපාලන බලමණ්ඩල රැස්වීමක් අද හවසට

IndusaraMedia

ලිට්‍රෝ මෑන්පවර් සේවකයින් වර්ජනයක

IndusaraMedia

දකුණේ පාතාලය මඩින්න පොලිස් යතුරුපැදි ප්‍රහාරක ඒකකයක්

IndusaraMedia

බිත්තර මිල හොදටම අඩුවේ..

IndusaraMedia

ඌරන්ට කාර්ය සාධක බලකායක්

IndusaraMedia

Leave a Comment