28.2 C
New York
July 7, 2025
Hot NewsLocal News

මීමුරේට එන්න එපා

හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම තාවකාලිකව වසාදමා ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා පැවසීය.

ඒ හේතුවෙන් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ පාලම යථාවත් කරන තෙක් මීමුරේ සංචාරය සඳහා පැමිණීමෙන් වළකින ලෙසය.

වැඩිදුරටත් අදහස් දැක්වූ දිස්ත්‍රික් ලේකම්වරයා,

“හුන්නස්ගිරිය – මීමුරේ මාර්ගයේ කයිකාවල පාලම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් අලුත්වැඩියා කරගෙන යනවා.

ඒ අතරතුර පාලමේ පාදමත් එක්ක  අලුත්වැඩියාව සඳහා ගලක් විදින්න වුණා.

මේ හේතුවෙන් මේ වනවිට පාලමෙන් වාහන ගමනාගමනය තාවකාලිකව නතරකර තිබෙනවා.

ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මීමුරේට මේ දිනවල විනෝද ගමන් එනවානම් පාලම නැවත සකස්කරන තෙක් එන්න එපා කියලා. 

මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවරු දන්වා සිටියා දින 3ක් ඇතුළත මෙය යථාවත් කරන්න පුළුවන් වෙයි කියලා” යනුවෙන් පැවසීය.

Related posts

රජයට විරුද්ද වන සියළු දෙනා පාතාලය හරහා ඝාතනය කරවනවා..- සාගර

IndusaraMedia

අගමැතිනිට එරෙහිව පැමිණිලි කරයි..

IndusaraMedia

බෝම්බ බියක් හේතුවෙන් දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි

IndusaraMedia

පෙර සිදුවීම් නැවත නැවත සමාජ මාධ්‍යයේ මුදා හැරියොත් වැඩ වරදී

IndusaraMedia

කොළඹ විරොධතා.. ඩුප්ලිකේෂන් පාරේ වාහන නවතී.. කැරලි මර්ධන කැදවයි..

IndusaraMedia

දෙහිවල දී අඹුසැමියන් දුම්රියට බිලි

IndusaraMedia

Leave a Comment