24.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

ඉන්දියාවේ සිට නීතිවිරෝධීව පැමිණි පිරිසක් යාපනයේදී අත්අඩංගුවට

ඉන්දියාවේ සිට නීතිවිරෝධී ලෙස මෙරටට ඇතුළුවීමට උත්සාහ කළ පුද්ගලයින් 6 දෙනෙකු යාපනය වැල්වැටිතුරෙයි මුහුදු ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල පදිංචි දැරියන් දෙදෙනෙකු ඇතුළ සිව්දෙනෙක් සහ යාපනය වැල්වැටිතුරෙයි පදිංචි පුද්ගලයින් දෙදෙනෙක්වය.

වැල්වැටිතුරෙයි පදිංචි පුද්ගලයින් දෙදෙනා අදාළ පිරිස රැගෙනඒම සඳහා මෙරට සිට යාත්‍රාවක් රැගෙන ගිය අය වෙයි.

වැඩිදුර විමර්ශනවලදී හෙළිවී ඇත්තේ අනෙක් සිව්දෙනා මෙරට සිට නීතිවිරෝධී අයුරින් ඉන්දියාවට ගොස් එහිදී ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන්ට හසුවී රඳවා සිටි පිරිසක් බවය.

ඔවුන් මෙලෙස යළි මෙරටට ඇතුළුවීමට උත්සාහ ගැනීමේදී යාපනය වැල්වැටිතුරෙයි ප්‍රදේශයේදී පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. 

Related posts

ශ්‍රී ලංකා ජනරජ දිනය අදයි

IndusaraMedia

පාකිස්තාන youtube නාලිකා 16ක් ඉන්දියාවේ තහනම්

IndusaraMedia

දින 4කදී රු. බිලියන 202ක් කොටස් වෙළෙඳපොළට අහිමිවෙයි

IndusaraMedia

තරුණයකු ඝාතනය කළ 5කට මරණ දඬුවම

IndusaraMedia

බණ්ඩාරවෙල කදුවැටියක මහ ගින්නක්.. නිවන්න හමුදාව යොදයි..

IndusaraMedia

චාල්ස් තෝමස්ගේ ‘සිහිනය’ මල්වතු නාහිමි තහනම් කරයි.. 

IndusaraMedia

Leave a Comment