23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

මහ බැංකුව පොලී අඩු කරයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය තවදුරටත් ලිහිල් කිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව එක්දින ප්‍රතිපත්ති අනුපාතිකය 7.75%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) පැවති රැස්වීමේ දී තීරණය කර ඇත.

වත්මන් සහ අපේක්ෂිත දේශීය සහ ගෝලීය සාර්ව ආර්ථික ප්‍රවණතා පිළිබඳව මනාව සලකා බැලීමෙන් අනතුරුව මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය මෙම තීරණයට එළැඹි බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මැදි කාලීනව උද්ධමනය සියයට 5ක මට්ටමේ ඉලක්කය කරා ක්‍රමයෙන් ළඟාවීම සහතික කරමින් ආර්ථිකයට එහි උපරිම ධාරිතා මට්ටමට ළඟාවීමට සහායවීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව වැඩිදුරටත් නිවේදනය කර තිබේ.

Related posts

ප්‍රවාහන රථ නියාමනයට පෙර සංගම් රජයෙන් සාකච්ඡාවක් ඉල්ලයි

IndusaraMedia

බිමල් ගැන පරීක්‍ෂණයක් කරන්නැයි කියයි.. ලොකු චෝදනා..

IndusaraMedia

විදුලි සේවකයෙකු කපා කොටා ඝතනය කරයි..

IndusaraMedia

සරසවිවලට අලුත් නේවාසිකාගාර

IndusaraMedia

පරාටේ නීතිය ගැන සජිත් ආණ්ඩුවෙන් කළ ඉල්ලීමක්

IndusaraMedia

රුපියල් ලක්ෂ 36 ක් පමණ වටිනා ගංජා හයිබ්‍රිඩ් කුෂ් පැළ තොගයක් සමග ගිනිබටයෙක් අත්අඩංගුවට

IndusaraMedia

Leave a Comment