23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්

තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්ක සඳහා මෙම නිවේදනය බලපැවැත්වේ.

නිරිත දිග මෝසම් තත්ත්වය දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී.

එහි බලපෑම හේතුවෙන් දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වයේ වැඩිවීමක් අද (19) දින සහ ඉදිරි දින කිහිපයේ දී බලාරොත්තු වේ.

බස්නාහිර, සබරගමුව සහ උතුරු පළාත් සහ ගාල්ල, මාතර, නුවරඑළිය, මහනුවර සහ පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 ඉක්මවූ තද වැසි ඇති විය හැකි බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එනිසා අදාළ ප්‍රදේශවල ජනතාව වඩාත් සැලකිලිමත් වෙන ලෙස ද කාලගුණ අංශ පවසයි.

Related posts

කැළණියේ යාචකයන් අල්ලා රිදියගමට ගිහින් දමයි…

IndusaraMedia

ජයගත් සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බවට ජනපතිගෙන් ප්‍රකාශයක්

IndusaraMedia

පොහොට්ටුවට සභාපතිධුර දෙකක් යයි..

IndusaraMedia

2017න් පසුව කතරගමට ගැලූ ජන ගඟ

IndusaraMedia

බස් රියදුරන් නිරීක්ෂණයට AI තාක්ෂණය

IndusaraMedia

මං කිව්ව දේ කලා නම් විපක්ෂය ජය ගන්නවා

IndusaraMedia

Leave a Comment