23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

දෙවැනි වරටත් දෙහිවල සත්ත්වෝද්‍යානයෙන් නිල් කහ මැකෝ ගිරවෙක් සොරාගනී

දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේ කූඩුවක රඳවා සිටි රුපියල් ලක්ෂ 5කට අධික වටිනාකමකින් යුත් නිල් කහ මැකෝ ගිරවෙකු සොරාගෙන ගොස් තිබේ.

පසුගිය 04 වැනි දින රාත්‍රියේ අදාළ සොරකම සිදුව ඇති අතර එය සත්ත්වෝද්‍යානය අසල වෙළෙඳසැලක සවිකර ඇති ආරක්ෂිත කැමරාවකද සටහන් වී ඇත.

සෙස ගිරවා රඳවා සිටින කූඩුව තුළ නිල් කහ මැකෝ ගිරවුන් 30ක් රඳවා සිට ඇති අතර ඉන් එක් ගිරවෙකු මෙලෙස සොරගෙන ගොස් තිබේ.

කූඩුව භාරකරු පසුදා උදෑසන රාජකාරි සඳහා යතුරු රැගෙන කූඩුව විවෘත කිරීමට යාමේදී එහි ආරක්ෂාවට දමා ඇති ආරක්ෂිත අඟුල කඩා ඇති බව දැක පසුව සත්ත්වෝද්‍යානයේ ඉහළ නිලධාරීන් දැනුවත් කර තිබේ.

පසුව සිදුකළ පරීක්ෂාවේදී එම කූඩුව තුළ සිටි එක් නිල් කහ මැකෝ ගිරවෙකු අස්ථානගතවී ඇති බව නිලධාරීන් දැක ඇත.

පසුව මේ සම්බන්ධව එහි පාලනාධිකාරිය ආරක්ෂක නිලධාරියෙකු මාර්ගයෙන් දෙහිවල පොලීසියේ පැමිණිල්ලක් ගොනු කර තිබේ.

පසුගිය 2021 වසරේ අගෝස්තු මස 08 වැනි දිනද මෙම කූඩුවේම රඳවා සිටි නිල් කහ මැකෝ ගිරවෙකු අස්ථානගත වූ අතර පසුව එම ගිරවා රත්මලාන ප්‍රදේශයේ නිවසක සිටියදී සොයාගෙන තිබුණි.

Related posts

සෝමවංශ අමරසිංහ 09 වැනි ගුණ සැමරුම

IndusaraMedia

ගණේමුල්ල සංජීව ඝාතන සැකකරුවෙකුට ඇප…

IndusaraMedia

ජනපති රණවිරු සැමරුමට සහභාගී නොවන බවට කතාවක් ගෙතුවේ විපක්ෂය – මන්ත්‍රී චමින්ද ලලිත්

IndusaraMedia

රෝහල් පද්ධතියේ විශාල ඖෂධ හිඟයක් – GMOA

IndusaraMedia

Face Mask මිල වේගයෙන් ඉහලට.. එකක් පනහයි..

IndusaraMedia

බෝම්බ බියක් හේතුවෙන් දිල්ලි බලා ගිය Air India ගුවන්යානයක් හරවා යවයි

IndusaraMedia

Leave a Comment