23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

මර්වින්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

කිරිබත්ගොඩ නගරයේ ඉදි කිරීමට රජයට පවරා ගෙන තිබු  ඉඩමකට කූට ලේඛණ සකස් කිරිම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හය දෙනා අතුරින් හිටපු ඇමැති මර්වින් සිල්වා ට ඇප ලබා ගැනීම සදහා දෙවන වරටත්  ඉදිරිපත් කර තිබු ඇප අයදුම්පත  ප්‍රතික්ෂේප කළ මහර අංක 01 අධිකරණයේ මහේස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය සැකකරුවන් හය දෙනා තවදුරටත් ලබන ජුනි මස 23 වැනිදා   දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට නියම කරනු ලැබුවාය. 

අද ( 09  වැනිදා ) පස්වරුවේ මේ නඩුව නැවත කැඳවු අවස්ථාවේ  දෙවන සැකකාර හිටපු ඇමැති මර්වින් සිල්වා වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් තම සේවාදායකයාට ඇප ලබා ගැනීම සදහා දෙවන වරටත් ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත සම්බන්ධව නියෝගය  පෙර ඉදිරිපත් කරන ලද අයදුම්පත් ප්‍රතික්ෂේප කළ ආකාරයටම ප්‍රතික්ෂේප කරන බවට ප්‍රකාශ කරමින් මහේස්ත්‍රාත්වරිය එම  නියෝගය  ලබා දෙන ලදී. 

මීට ඉහත පැවැති නඩු දිනයේ දී හිටපු ඇමැති මර්වින් සිල්වා ට ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින්  ඔහු  වෙනුවෙන් පෙනි සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින්  ඉදිරිපත් කරන ලද ඇප අයදුම්පත  සම්බන්ධව නියෝගය ඊයේ ( 09  වැනිදා ) ලබා දෙන බවට මහේස්ත්‍රාත්වරිය විසින් කර තිබූ ප්‍රකාශය අනුව එම  ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය ලබා දුනි. 

මේ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා  , හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර  , කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උප සභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්  , එහි හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා  , හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් හා නවීන් වීරකෝන් යන හය දෙනා මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. 

මෙදින හතරවන  සැකකාර හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන පමණක් මෙදින   අධිකරණයට ඉදිරිපත් කර තිබු අතර සෙසු සැකකරුවන්  ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගැනිණි. . ඔවුනට නියෝගය බන්ධනාගාරය මගින් දන්වන බවද මහේස්ත්‍රාත්වරිය සදහන් කළාය. 

මල්වාන ඩබ්ලිව් ඩී එම් විතානගේ

Related posts

හන්තානේ රජයේ ඉඩම් කුණු කොල්ලෙට ලියාගෙන.. රටම දන්න මාධ්‍යවේදීන් පිරිසකට පරීක්‍ෂණ..

IndusaraMedia

මැතිවරණයෙන් පසු මාලිමා ෆේස්බුක්, යූටියුබ් බලකාය හෙල්ලෙති.. ආණ්ඩු කරන හැටි ජනපතිට ඇමතිලාට උගන්නති..

IndusaraMedia

රජයේ මාධ්‍ය හැඳුනුම්පත කැබිනට් මාධ්‍ය හමුවට අනිවාර්ය කිරීම: ‘මාධ්‍ය වාරණයකට මග පෑදීමක්’?

IndusaraMedia

අලුත් එයාර් බස් එකට මාසෙකට ඩොලර් 275,000ක ගාස්තුවක් ගෙවන්න ඕනලු

IndusaraMedia

සරසවිවලට අලුත් නේවාසිකාගාර

IndusaraMedia

ඩීල් වසන්තට එන්න කියාපිය.. මේවට උත්තර දෙන්න කියාපිය..- මිදිගම ෆැක්ටරියේ අඛණ්ඩ විරෝධතා..

IndusaraMedia

Leave a Comment