23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

පහරදිමකින් බේරුවල පොලීසියේ අපරාධ අංශයේ OIC ඇතුළු නිලධාරීන් තිදෙනෙක් රෝහලට

බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමෙන් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසයි.

බේරුවල ධීවර වරාය ආසන්නයේ පොලිසිය සහ කොඩි එල්ලමින් සිටි පිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුර දිග යාමෙන් පසු මෙම පහරදීම සිදුකර තිබුණි

එහිදී පොලීසියට පහර දුන් බව කියන පිරිස පාලනය කිරීම සඳහා පොලීසිය විසින් අහසට වෙඩිතබා ඇත.

බේරුවල වරාය ආසන්නයේ පිරිසක් ලොරි රථයක නැගී කොඩි එල්ලමින් සිට ඇති අතර, මාර්ගය අවහිර නොකරන ලෙසට පොලීසිය උපදෙස් දී තිබේ.

එහිදී දෙපාර්ශවය අතර කතාබහක් සිදුව ඇති අතර එය දුරදිග යාමෙන් පසු පොලිසියට පහරදී ඇති බවද සඳහන්ය.

Related posts

මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව ගැන අලුත් කතාවක්

IndusaraMedia

දිස්ත්‍රික්ක 15ක නිලධාරීන් සත්ව සංගණන පත්‍රිකා නිවාස 1,30,000කට බෙදා දී නෑ..

IndusaraMedia

ලොස් ඇන්ජලීස් නුවරට ඇඳිරිනීතිය පනවයි

IndusaraMedia

චීනයට ගිය ටිල්වින් විශේෂ හමුවක

IndusaraMedia

අජිත් පෙරේරා රිය අනතුරක…

IndusaraMedia

හජ් උත්සවය අදයි

IndusaraMedia

Leave a Comment