28.2 C
New York
July 7, 2025
Hot NewsLocal News

කහවත්තේ වෙඩි තැබීමක් – තරුණයෙක් මරුට

කහවත්ත, යාඉන්න ප්‍රදේශයේ සිදුකළ වෙඩි තැබීමකින් තරුණයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

එහිදී තවත් තරුණයෙකු තුවාල ලබා ප්‍රතිකාර සඳහා කහවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සදහන් කළේය.

කහවත්ත, යාඉන්න, කොස්කෑල්ල ප්‍රදේශයේ නිවසකට ඊයේ රාත්‍රී පැමිණි පුද්ගලයින් සිව්දෙනෙකු නිවසේ සිටි තරුණයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් තිබුණි.

පසුව ඔවුන් දෙදෙනා පාලු ප්‍රදේශයකට ගෙන ගොස් වෙඩි තබා ඇති බව වාර්තා වෙයි.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 22 හැවිරිදි තරුණයෙකු එම ස්ථානයේදීම මියගොස් ඇති අතර 27 හැවිරිදි පුද්ගලයා ප්‍රතිකාර සඳහා රෝහල් ගතකර ඇති බව පොලීසිය සඳහන් කළේය.

කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම වෙඩි තැබීම සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර කහවත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.

adaderana

Related posts

මාලිමාවට විරුද්ද වූ මාලිමා සභාපති වැඩ බාර ගනී..

IndusaraMedia

රටවල් 12 ක පුරවැසියන්ට අමෙරිකාව පැනවූ තහනම

IndusaraMedia

ගම්පහ තැන් රැසකට හෙට පැය 12ක ජල කප්පාදුවක්

IndusaraMedia

ත්‍රීරෝද රථයක් කොල්ලකෑ පුද්ගලයෙක් අත්අඩංගුවට

IndusaraMedia

අග්‍රාමාත්‍ය කාර්යාලයට අභ්‍යන්තර කටයුතු ඒකකයක්

IndusaraMedia

ලෝක ආර්ථික සමුළුවේ මා කල කතාව විකෘති කර ෆේස්බුක් දාලා..

IndusaraMedia

Leave a Comment