23.4 C
New York
July 7, 2025
Hot NewsLocal News

නිවසකින් යුද උපකරණ හා පතොරම් තොගයක් සොයා ගැනේ

වවුනියාව, සැළලිහිණිගම ගම්මානයේ නිවසක තිබී පතොරම් තොගයක් හා තවත් යුද උපකරණ තොගයක් ඊයේ (21) සවස සොයාගත් බව වවුනියාව පොලිසිය පවසනවා.

පොලිසිය පැවසුවේ, වවුනියාව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත ලද තොරතුරක් මත සිදුකළ හදිසි වැටලීමක දී මෙම යුද උපකරණ තොගය සොයාගත් බවයි.

මෙම පතොරම් තොගය තුළ ටී- 56 වර්ගයේ ගිනිඅවි වෙනුවෙන් යොදාගන්නා පතොරම් 296ක්, එම ගිනිඅවි වෙනුවෙන් පුහුණුවීම් වෙනුවෙන් යොදාගන්නා පතොරම් 124 ක්, M16 වර්ගයේ පතොරම් 19ක්, ෂොට්ගන් වර්ගයේ ගිනිඅවි වෙනුවෙන් යොදාගන්නා පතොරම් 27 ක්, පොලිස් විශේෂ
කාර්ය බළකා නිලධාරීන් භාවිතා කරන නිල ඇඳුම් කොටස් 12ක් ඇතුළු මෙසේ සොයාගෙන ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගත් සැකකරු 39 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, සැකකරු කිසියම් අපරාධයක් සිදු කිරීම වෙනුවෙන් අදාළ පතොරම් රැස්කර තබන්නට ඇති ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන බව ද පොලිසිය සඳහන් කළා.

සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Related posts

ජනපති හා ජර්මානු විදේශ අමාත්‍යවරයා අතර හමුවක්

IndusaraMedia

බහුතරය විපක්ෂයට ඇති පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන්න එජාප – සජබ එකඟතාවක්

IndusaraMedia

ගණේමුල්ල සංජීව ඝාතන සැකකරුවෙකුට ඇප…

IndusaraMedia

දයාසිරි CIDයට

IndusaraMedia

රිලවුන් ගම්මාන කිහිපයක බලය අල්ලති… බත්, වැංජන මුට්ටි පිටින් උස්සං යති..

IndusaraMedia

නිකලස් පූරන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමුදෙයි

IndusaraMedia

Leave a Comment