24.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

මැතිසබේ සේවක කෑම බිල තුන් ගුණයකින් නග්ගයි

පාර්ලිමේන්තු සාමාන්‍ය  සේවකයන්ගේ මාසික කෑම බිල තුන් ගුණයකට ආසන්න මුදලකින්  වැඩි කිරීමට පාර්ලිමේන්තුවේ ගෘහ කාරක සභාව තීරණය කර ඇත.

පාර්ලිමේන්තු  සේවකයන්ගේ මාසික කෑම බිල මෙතෙක් පැවතියේ රුපියල් 1000 ක්  වශයෙනි.

නව සංශෝධනය අනුව සාමාන්‍ය සේවකයන්ගේ මාසික කෑම බිල රුපියල් 3600ක් දක්වා වැඩි වනු ඇත. එසේම පාර්ලිමේන්තුවේ විධායක නිලධාරීන්ගේ කෑම බිල රුපියල් 1500සිට 4000ක් දක්වා වැඩි කිරීමට කමිටුව තීරණය කර ඇත.

සේවකයන්ගෙන් ඉදිරිපත් වුණු යෝජනාවක් අනුව  මාසික කෑම බිල මෙසේ වැඩි කෙරුණු බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති. පාර්ලිමේන්තු සේවකයන්ගේ මාසික කෑම බිල වසර තුනකට වරක් සමාලෝචනයට ලක්කෙරේ.

මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ දෛනික කෑම බිල රුපියල් 2000ක් දක්වා මෑතකදී වැඩි කෙරිණ. පාර්ලිමේන්තු ගෘහකාරක සභාව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේදී ඊයේ(21) දහවල් රැස්විය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහ සේවකයන්ගේ කෑම බිල සම්බන්ධයෙන් පසුගිය කාලයේදී විවිධ පාර්ශව වලින් චෝදනා එල්ල කෙරිණ.

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

Related posts

පහරදිමකින් බේරුවල පොලීසියේ අපරාධ අංශයේ OIC ඇතුළු නිලධාරීන් තිදෙනෙක් රෝහලට

IndusaraMedia

වෙසක් පුර පසළොස්වක පොහොය අදයි

IndusaraMedia

ජපුර සරසවියේත් නවක වදසබරගමු සිසුවාගේ මරණයට රටම තැවෙද්දී ජ’පුරෙත් නවක වද

IndusaraMedia

IndusaraMedia

අපරාධයකින් උත්පාදිත දේ පිළිබඳ පනත් කෙටුම්පතට කථානායකගේ සහතිකය

IndusaraMedia

සංචාරක ක්ෂේත්‍රයේ ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප වර්ධනයට පියවර

IndusaraMedia

Leave a Comment