23.4 C
New York
July 7, 2025
Hot NewsPolitical News

විදෙස් රටවල් කිහිපයක් සඳහා ශ්‍රී ලංකා තානාපතිවරුන් ලෙස නව දූත මණ්ඩලය පත්කෙරේ

විදෙස් රටවල් කිහිපයක් සඳහා ශ්‍රී ලංකා තානාපතිවරුන් ලෙස පත්ව යන නව දූත මණ්ඩල ප්‍රධානීන් සමඟ හමුවක් ජනාධිපති අනුරකුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්ජ්වයෙන් අද (15) ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනි.
ශ්‍රී ලංකාව තුළ සිදුව තිබෙන දේශපාලනික පරිවර්තනය පිළිබඳ පණිවිඩය ජාත්‍යන්තරයට ගෙන යාම හා ජාත්‍යන්තරය හමුවේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය ඔසවා තැබීම තානාපතිවරුන් සතු වගකීම බව ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා මෙහිදී පැහැදිලි කළේය.
විදේශගත ශ්‍රී ලාංකිකයින්ට සේවා සැපයීමේදී ඒ සඳහා මූලිකත්වය දෙමින් විශේෂ අවධානයකින් කටයුතු කරන ලෙසත්, එහිදී කිසිදු භේදයකින් තොරව සාධාරණව කටයුතු කිරීමේ අවශ්‍යතාවත් පෙන්වා දුන්නේය.

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ශ්‍රී ලාංකිකයන්ගේ ස්ථානයක් ලෙස ඔවුන්ට හැඟෙන පරිදි කටයුතු කිරීමේ වදැගත්කමද පෙන්වා දී රට වෙනුවෙන් තම සේවය කාර්යක්ෂමව සිදු කිරීමට කටයුතු කරන ලෙසද ඉල්ලා සිටියේය.
ඍජු විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා මෙන්ම ශ්‍රී ලංකාවේ සිටින ව්‍යවසායකයින්ට විදේශ වෙළෙඳපොළ අවස්ථා සොයා ගැනීමට අවශ්‍ය සම්බන්ධීකරණය රාජතාන්ත්‍රික සේවාවේ කොටසක් බවද ජනාධිපතිතුමා මෙහිදී පෙන්වා දුන්නේය.
මෙරට ආර්ථිකය නඟාසිටුවීම සඳහා සෘජු විදේශ ආයෝජන හා සංචාරකයින් කැඳවා ගෙන ඒම තානාපතිවරයාට පැවරෙන ප්‍රධාන වගකීමක් බවත් ඒ සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීමට රජය සූදානම් බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
ශ්‍රී ලංකාවේ සිදු වූ ඇතැම් සිදුවීම් නිසා පසුගිය කාලයේ තානාපතිවරුන්ට අපහසුතාවට පත්වීමට සිදු වූ ආකාරයද සිහිපත් කරමින් වත්මන් ආණ්ඩුව තානාපතිවරුන්ගේ ගෞරවයට හානි වන ආකාරයෙන් කටයුතු නොකරන බවත්, ඕනෑම අවස්ථාවක තානාපතිවරුන් වෙනුවෙන් පෙනී සිටින බවත් ප්‍රකාශ කළේය.


ඒ අනුව, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස පී.එම්. කොලොන්නෙ, පකිස්ථානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස රියර් අද්මිරල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න, එක්සත් රාජධානියේ ශ්‍රී ලංකා මහකොමසාරිස් ලෙස එස්.ඩී.එන්.යු. සේනාධීර, අමෙරිකානු නිව්යෝක් එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත ලෙස ජයන්ත ජයසූරිය, කියුබාවේ ශ්‍රී ලංකා තානාපති ලෙස ආර්.එම්. මහින්ද රත්නායක, ජපානයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය පී. ජනක් කුමාරසිංහ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති ලෙස මහාචාර්ය අරූෂා කුරේ යන මහත්ම මහත්මීහු පත්වීම් ලැබ සිටිති.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි රණරාජා, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ යන මහත්ම මහත්මීහුද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

අපේක්‍ෂකයෙක් ප‍්‍රභාකරන්ගේ රුව යොදා මැතිවරණ ප‍්‍රචාරක පත‍්‍රිකා බෙදයි…

IndusaraMedia

නැවත බැසිල් එයි..!

IndusaraMedia

ගමේ පාරවල් ඉක්මනට හදන්න – ජනපති

IndusaraMedia

ජාතික මාධ්‍ය ප්‍රතිපත්තිය කියන්නේ රටට මග කියන ඉහළ මට්ටමේ සංකල්පීය රාමුවක්..- රජයෙන් නිවේදනයක්..

IndusaraMedia

බලය පිහිටුවන්න මාලිමාවෙන් මටත් කතා කලා.. ඇන්ටිජන් හොරා නිසා මං බෑ කීවා..- දිලිත්

IndusaraMedia

ලෝක උරුම නගර ලැයිස්තුවෙන් මහනුවර හැලෙයි?

IndusaraMedia

Leave a Comment