24.3 C
New York
July 7, 2025
Hot NewsLocal News

ජනපතිගේ පොසොන් දින පණිවුඩය

පොසොන් පොහොය ශ්‍රී ලාංකීය අපිට සුවිශේෂී සිදුවීම් සමුදායක් සිදුවූ වැදගත් දිනයක් බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි.

පොසොන් පොහොය දිනය නිමිත්තෙන් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ පොසොන් පොහොය දිනයෙන් ප්‍රකට කෙරෙන වටිනාකම තුළ ඉස්මතු කර දැක්විය යුතු මහ ගුණාංගයක් වන්නේ අවිහිංසාව බවය.

අවිහිංසාව යනු තමන්ගේ ද අනෙකාගේ ද ජීවන නිදහස සහ අයිතිය සුරක්ෂිත කෙරෙන සනාතන වටිනාකමක් ලෙස සියලු හදවත්හි රඳවා ගතයුතු බව ජනාධිපතිවරයා සිය පොසොන් පොහෝ දින පණිවුඩයෙන් දැනුම් දෙයි.

මේ අතර අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය ද පොසොන් පොහොය දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පවසන්නේ අනුබුදු මිහිදු මහ රහතන් වහන්සේ ගමන් කළ සදහම් මඟ පිළිබඳ යළි යළිත් සිතමින් ආමිස සහ ප්‍රතිපත්ති පූජාවෙන් අපගේ ජීවිත වෙත ආලෝකය සහ ශාන්තිය ළඟා කරගනීම සඳහා කටයුතු කිරීම ඉතා වැදගත් බවය.

පොසොන් පොහොය මෙරට ජනතාවගේ ආගමික, සංස්කෘතික, හා සමාජීය මෙන්ම ආර්ථික තත්ත්වයන් සුවිශේෂ පුනරුදයක් කරා ගෙන යන්නට මග පෑදු දිනයක් බවද අග්‍රාමාත්‍යවරිය පවසයි.

Related posts

බිමල් ගැන පරීක්‍ෂණයක් කරන්නැයි කියයි.. ලොකු චෝදනා..

IndusaraMedia

චමරි අතපත්තුට දඩ

IndusaraMedia

ජී.එස්.පී. ප්ලස් සහනය ගැන ධනාත්මකව සලකා බලනවා

IndusaraMedia

අපි ගත්ත ප්ලේන් එක නිසා ජනතාව සතුටු වෙනවා දැකලා මට කදුළු ආවා…- බිමල්

IndusaraMedia

බෙංගලූරු ජය සැමරුම ඛේදවාචකයක් වෙයි

IndusaraMedia

මරණ සියයට 70කට හේතුව අධි රුධිර පීඩනය

IndusaraMedia

Leave a Comment